Thursday, July 15, 2010

ජාලකරණය යනු කුමක් ද?


ජාලකරණය යනු කුමක්ද?

දැනුම යනු බලයයි. ලෝකයේ සෑම පුද්ගලයකුම ජාලකරණයකි. එය අලුත් කරුණක් නොවේ. ජාලකරණය යන වචනය 16වන සයවසේ පමණ මාළු දැල් භාවිතය සදහා යන අර්ථයෙන් යොදා ගෙන ඇත. අදත් ජාලකරණය මාළු කර්මාන්තය සදහා භාවිත කරන වචනයයි. අපි තවමත් දැල් භාවිත කරමු. ඒ තොරතුරු සම්පත් සහ සහයෝගය සදහාය. ජාලකරණය සදහා උපාය මාර්ග අවශ්‍යතාව පරිදි වෙනස් වේ. මේ නිසා අද ජාලකරණය සාර්ථක ව සිදුකර ගන්නේ කෙසේද? යන්න පිළිබද ඉගැන්වීම් ද සිදු කරයි.

අද ලොව පුරා මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සදහා ජාලකරණය ඉතා අත්‍යවශ්‍ය වී ඇත. මිහිපිට මිනිසා සතුව ඇති විශාලතම ජාලකරණය වශයෙන් අන්තර්ජාලය පත් වී ඇත. මේ ආකාරයෙන් සලකාබලන කළ විවිධ අයුරින් ජාලකරණයන් නිර්මාණය විය හැකිය.